Audio books/Book episodes

Wasangathe Ar Preemiya | K Sanjeewa

'වසංගතයේ ආ ප්‍රේමිය' මගේ පළමු කෙටිකතා සංග්‍රහය. මේකේ තියෙන හැම කතාවක්ම ලියවෙන්නේ කෝවිඩ් ලොක්ඩවුන් කාලේ. ගෙදරට වෙලා ඔහේ පාවෙවී ඉන්නකොට හිතට ආපු කතා අහුරක් කිව්වොත් වඩා නිවැරදියි. මේ හැම කතාවක්ම එක හුස්මට පැයෙන් දෙකෙන් ලියවුණ ඒවා. පස්සේ නැවත සැරයක් කියෙව්වත් කිසිම කතාවක් නැවත සංස්කරණය කළේ නැහැ. සතියක් අස්සේ ලියැවුණු මේ කතා පොකුරේ සමහර කතා පටන් අරගන්නකොට පෙනි පෙනී තිබුණ ගමනාන්තයට ගියේ නෑ. ඒවා වෙන පාරවල්වල වෙන වෙන ගමනාන්ත සොයාගෙන තිබුණා අවසන් වෙනකොට.

මේ හැම කතාවකම තියෙන්නේ මනුෂ්‍ය ප්‍රේමය.

හැබැයි වෙනස් වෙනස් පඹගාල්වල පැටලුන..!

-කේ සංජීව

Terms and Conditions | Privacy Policy
Designed by SeqCode