Audio books/Book episodes

Shukran Qatar | Rashmika Mandawala

මැදපෙරදිග ලාංකිකයන් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් වැඩ කරනවා. මේ අතරින් වැඩි ප්‍රමාණයක් ගෘහ සේවිකාවන් විදියට යන අපේම අම්මල, අක්කල, නංගිල. ඒ අයගෙ දුක්බර කතා මේ කොදෙව්වෙ පත්තරවල ලියවිලා තියෙනවා. හැබැයි මේ ලක්ෂ විස්ස අතරින් කවුරුවත් තමන්ගේ මැදපෙරදිග අත්දැකීම් ලියන්නෙ නැහැ. කටාර්වල වැඩ කරලා ලංකාවට ආවට පස්සේ මට හිතුණා මේ අත්දැකීම් එකතු කරන්න. ශුක්රාන් කටාර් කියන්නේ මෙතෙක් නොලියවුණ කතාවක්. ඒ මැදපෙරදිග වෘත්තිකයන්ගේ ජීවිතය. දුක වගේම සතුටත් සම සමව රැඳි ඒ ජීවිත කතා අමුතුම අත්දැකීමක් වේවි.

-රශ්මික මණ්ඩාවල

Terms and Conditions | Privacy Policy
Designed by SeqCode