Audio books/Book episodes

MALAK KATHA KARAI | ISURU CHAMARA SOMAWEERA

පුවත්පත් වලට කවි සහ කෙටිකතා සැපයීම හරහා සාහිත්‍යකරණයට පිවිසෙන ඉසුරු චාමර සෝමවීරගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන 'සුද' කාව්‍ය සංග්‍රහය 2003 වසරේ ගොඩගේ හොඳම අත් පිටපත ලෙස තේරී පත්වන අතර එම වසරේ හොඳම යොවුන් දායකත්වය සඳහා වූ ගොඩගේ සාහිත්‍ය සම්මානය හිමි කර ගන්නේය.

ඉන්පසුව 2009 වසරේ 'තාණ්ඩව' නමින් ද කාව්‍ය සංග්‍රහයක් පල කරන ඉසුරු චාමර සෝමවීර ඔහුගේ පළමු කෙටි කතා සංග්‍රහය 'මලක් කතා කරයි' නමින් 2013 දී එළිදක්වන අතර එය එම වසරේ ප්‍රශස්ත කෙටිකතා සංග්‍රහය සඳහා වන ගොඩගේ සාහිත්‍ය සම්මානයද හිමි කර ගන්නේය.

2019 වසරේ ප්‍රකාශිත 'ගැහැණු පිරිමි මල් පලතුරු' ඔහුගේ දෙවැනි කෙටිකතා සංග්‍රහයයි.

ඉසුරු චාමර සෝමවීර ගේ 'මලක් කතා කරයි' සහ 'ගැහැණු පිරිමි මල් පලතුරු' කෘතීන්හි අන්තර්ගත වූ කෙටිකතා දහයක් මේ වනවිට දමිල භාෂාවටද පරිවර්තනය වී ඇත.

Terms and Conditions | Privacy Policy
Designed by SeqCode