Audio books/Book episodes
RUSIYANU GAMMADDE CHARIKAWAK | DR, JATANTHA LAL RATHNASEKARA

1892 වසරේදී රුසියාවේ උපන් කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රැසක් ලොවට දායාද කල සෝවියට් රුසියානු ලේඛකයෙකි. ඔහු සිය නිර්මාණ තුල හැම විටෙකම පාහේ මානව හිතවාදයට සහ භාවමය සංකල්පනාවන්ට මුල් තැනක් දුන්නේය. සිය නිර්මාන හරහා රුසියානු ගැමි ජිවිතයේ සුන්දරත්වය ලොවට කියා දුන් පවුස්තොව්ස්කි මානව හැඟීම් සියුම් ලෙස විස්තර කිරීමට රුසියෙකි. ඔහුගේ හැම කතාවකටම පාදක වූ වීරයන් වූයේ සාමාන්‍ය රුසියානුවන්ය.
කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි ගේ මෙම 'රුසියානු ගම්මැද්දේ චාරිකාවක්' කෙටිකතා එකතුව මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකරයන් විසින් සෘජුවම රුසියානු බසින් සිංහලට නගන ලද්දකි. මොස්කව් නුවර පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධිදාරියෙකු වන මහාචාර්ය රත්නසේකරයන් වර්තමානයේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාද වන්නේය.