Audio books/Book episodes
KOTA THUWAKKU | PRIYANTHA LIYANAGE

ඒක හඳක්. නිකම්ම හඳක් නෙමෙයි පිස්සු හැදෙන හඳක්. දැන් ඔබ දකින්නෙ ඒ පිස්සු හැදෙන හඳ යට පට්ට සීතලේ තට්ට තනියම මූදු වෙරළක වැතිරිලා ඉන්න මිනිහෙක්ව. ඔව් ඔබ හරි.
ඔබට වගේම මටත් මේ හාදය ගැන තියෙන්නෙ කුතුහලයක්. ඒ නිසා මං මේ හදන්නෙ මිනිහගෙ හිත ඇතුළට රිංගල බලන්න. එතකොට සමහර විට මට පුළුවන් වෙයි මේ හාදය කවුද මොනවද මිනිහ මේ වෙරළට වෙලා කරන්නෙ වගේ දේවල් ටිකක් දැන ගන්න. ඔන්න එහෙනම් මං ගියා.
ආ තව පොඞ්ඩෙන් අමතක වෙනවා...
වරද්දන් නැතුව මාත් එක්කම ඉන්න. එතකොට මට පුළුවන් වෙයි එයා ගැන මං දැනකියා ගන්න දේවල් ඔයගොල්ලො එක්කත් බෙදා ගන්න. අමතක කරන්න එපා.
මිනිහෙක් කියන්නෙ කතාවක්! ඒ හින්ද දිගටම ඉන්න!!
-ප්‍රියන්ත ලියනගේ