Audio books/Book episodes

WARANA | Padmini Senevirathna

හඟුරන්කෙත යනු කන්ද උඩරට රජවරුන්ගේ ආරක්‍ෂිත ස්ථානයයි. සතුරන් මහනුවර ආක්‍රමණය කරන විට රාජකීයයන් පලා ගියේ ඒ වෙතය. ඔවුන් සිය සම්පත් සඟවා තැබුවේ එහිය. ඒ සම්පත් පිලිබඳ රහස් සුරැකීම එකල කැලෑ කෝරාළ තනතුර දැරුවන්ගේ රාජකාරිය විය.

හඟුරන්කෙත පමණක් නොව, සිය පාලනය යටතේ පැවති කිසිදු ප්‍රදේශයක පුළුල් මංමාවත් නොතැනීම මහනුවර රජවරුන් විසින් එකල අනුගමනය කෙරුණු එක් ආරක්ෂක උපක්‍රමයකි. මහනුවර රාජධානියේ තහංචි කැලෑ එළි වී ඒ වෙත පහසුවෙන් පිවිසිය හැකි වන පරිදි මාර්ග ඉදිවුණේ කෝපි වගාවේ ව්‍යාප්තියත් සමගය.

 එතෙක් සැඟව පැවති හඟුරන්කෙත, බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී වෙනස් වන ලෝකයට අනාවරණය වූ ආකාරයත් ඒ වෙනස හමුවේ එහි අවසන් කැලෑ කෝරාළගේ හැසිරීමත් "වරණ" නවකතාවෙන් ඉස්මතු වන්නේ සත්‍යය හා පරිකල්පනය මිශ්‍ර ස්වරූපයකිනි. මෙම නවකතාවෙන් ප්‍රකට වන වැදගත්ම කාරණා වශයෙන් සැළකිය හැක්කේ සමාජයක සංහිඳියාව ඇති කිරීමෙහිලා බලපාන ප්‍රධානම සාධකය වන්නේ මානව දයාව බවය.

Terms and Conditions | Privacy Policy
Designed by SeqCode