Audio books/Book episodes

Thiwatha | PADMINI SENEVIRATHNA

"රාජසිංහ රජතුමාද අර්ථයෙන් අනුශාසනය කරමින් පරංගි ගොල්ල ඔත් ඔත් පලම නසමින් දැහැමින් රාජ්‍ය කිරීමේ නියුක්ත වූ බව දත යුතුය." සීතාවක රාජසිංහ රජු පිළිබඳව මෙසේ ලියනු ලැබුවේ සීතාවක මානියම්ගම්මන විහාරවාසි සිටිනාමළුවේ ධම්මපාල හිමි විසිනි. ඒ රාජසිංහයන්ගේ අභාවයෙන් වසර හතකට පසු රාජ්‍ය වර්ෂ එක්දහස් පන්සීය අනූ නවයේදීය. එහෙත්, ප්‍රකට ඉතිහාසයෙන් අපට නිර්මාණය කර දී ඇත්තේ ගුණයහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාසයට එරෙහිව යමින් රාජසිංහ රජුගේ මනුෂ්‍යත්වය හෙළි කරන ඉතිහාස ලේඛනද අතලොස්සක් පවතී. එබඳු අප්‍රකට මූලාශ්‍ර කිහිපයක් ඇසුරු කරගෙන කතුවරියගේ පරිකල්පනයෙන් ලියැවුනු තිවත නවකතාව අර්ථයෙන් ධර්මයෙන් රාජ්‍ය කල රජෙකු අධර්මිෂ්ඨයෙකු හා දුෂ්ටයෙකු ලෙස ඉතිහාසයට එක්වූයේ කෙසේදැයි හෙළි කරයි.
Terms and Conditions | Privacy Policy
Designed by SeqCode