Audio books/Book episodes

Komala Manawaka | Shamel Jayakodi

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.

දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැනු ළමයින් හා නාට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැරදැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය.

ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළු මහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවය.

Terms and Conditions | Privacy Policy
Designed by SeqCode