Audio books/Book episodes
Nimnage Ithihasaya | KAUSHALYA KUMARASINGHE

'නිම්නාගේ ඉතිහාසය' ගැහැණුන් හතර දෙනෙකුගේ ඉතිහාසයකි. නිම්නාගේ, නිම්නාගේ අම්මා රමණිගෙ, නිම්නාගේ ආච්චි චාලට්ගේ හා චාලට්ගේ අම්මා හෙවත් නිම්නාගේ මුත්තම්මා වන මැගි නෝනාගේ ඉතිහාසය හරහා කෞශල්‍ය කුමාරසිංහ අවුරුදු සියයක ලාංකීය ඉතිහාසයේ සහ වාමාංශික දේශපාලන ඉතිහාසයේ හරස්කඩක් ස්ත්‍රී දෘෂ්ටියකින් කියන්නේය. පිරිමි ඉතිහාසයක් වෙනුවට ගැහැණු ඉතිහාසයක් ලියන්නේය.
අවසානයේදී අපිට ප්‍රත්‍යක්ෂ වන දෙය නම් ඉතිහාසය පුරා මේ සෑම දෙයක්ම චක්‍රයක් ලෙස යළි යළිත් අපට මුණ ගැසෙන බවය. එකම වෙනස වනුයේ සියල්ල නවීකරණය වී තිබීම හා වෙනස් රූප ගෙන තිබීම පමණකි.
මෙම ඉතිහාස විකාශනය දේශපාලන ඉතිහාසයක් පමණක් නොව, මෙහි චරිතවල ඉතිහාසයක් පමණකුත් නොව, ගීතයේ ඉතිහාසයක්, භාෂාවේ ඉතිහාසයක් මෙන්ම ලිංගිකත්වයේ ඉතිහාසයක් ද වෙයි.
කෙටියෙන් කිවහොත් එය 'ඉතිහාසකරණයේ මායාකාරීත්වය ගැන ගුප්ත සෞන්දර්යයක්' ය.